21/04/2023
මන්දාරම් නුවර චාරිකාව🖤
(ගිහිං ආවට පස්සෙ මුං දාන හෑල්ලත් කියවන්න ඕන කියන උං මෙක කියවන්නෙපා😪😪)
2023/04/15 Night Mail එකේ යන්න තිබුනු සැලසුමට අනුව අපි කඩමලු බැඳගෙන පාරට බැස්සත් හන්සිනි අක්කටයි , චින්තකටයි පිං සිද්ද වෙන්න කොළඹට යද්දිම ට්‍රේන් එක මිස් වෙලා තිබුනු නිසා ඊලඟ දවසෙ උදෙ ට්‍රේන් එක එනකං අපිට ගෝල්ෆේස් එකේ නිදාගන්න සිද්ද කරපු එ දෙන්නට මුලින්ම ගෞරවයෙන් බුදු සරණයි😒
2023/04/16 උදේ නිල වශයෙන් අපේ ගමන ආරම්භ කරලා අපි ට්‍රේන් එකේ නුවර බලා පිටත්වුනා... අවුරුදු නිවාඩුව නිසා ට්‍රේන් එකෙ හිටපු සෙනඟට පින් සිද්ද වෙන්න පා පුවරුවෙ උනත් අපිට නිදාගන්න පුලුවන් කියලා එදා අපි ඉගෙන ගත්තා.... නුවරිං ගොඩ බැහැපු අපි දවල්ටත් කාලා අපේ රෑ පාටියට අවශ්‍ය කරන දේවල් සේරමත් අරගෙන එතන ඉදං බස් එකේ ගමන පටං ගත්තා.. ඊලඟ බස් එකට මාරු වෙන්න බස් එකෙන් බැහැලා අපි ගමනාන්තයට යන්න තියෙන අන්තිම බසයටත් නැගලා පිලිවෙලට බෑග් ටික එම තියලා යන්න පිටත් උනා.. විශේශයෙන්ම කියන්න ඕන රෑ පාටියට ගත්ත බඩු සේරම බස් හෝල්ට් එකෙ තියලා බස් එකට නැගපු සේරටමත් ගෞරවයෙන් බුදු සරණයි කියලා...😒😒😒
මන්දාරම් නුවරින් බැහැලා දාලා ආපු බඩු වෙනුවට ආයි අලුතින් සේරම අරගෙන මුලින්ම දිය ඇල්ල බලන්න පිටත්වුනා...
යන පාරෙ ඉදලම ඒකනං වෙනමම ලෝකයක් කෝම හරි දිය ඇල්ල බලලා පොටො ගහලා විඩියෝ කරලා ඊලඟට Camping Tent එක ගහන්න තැනක් හොයද්දි තමයි දැන ගත්තෙ ෆොරෙස්ට් එකෙයි පොලිසියෙයි අවසර නැතිව එහේ කෑම්පින් කරන්න බැ කියලා.. ගමන යන්න කලින් එම දෙයක් නෑ එහෙ ඔන තැනක කෑම්පින් කරන්න පුලුවන් කිව්ව නඩේ ගුරාටත් ආයි පාරක් ගෞරවයෙන් බුදු සරණයි..🙏
එ ගමේ මිනිස්සුන්ගෙ මනුස්සකමයි යාලු කමයි නිසා අඩු මුදලකට පුද්ගලික ඉඩමක් හොයාගන්න පුලුවං උනා අපිට.. ඉතිං 3km ක් විතර උස කන්දක කූඩැල්ලො අයින් කර කර කඳු නගින්න බැරි අයව ඇදගෙන උන්ගෙ බෑග් උස්සගෙන උන්ට බැන බැන, වැස්සෙ තෙමීගෙන යාන්තං පැයකට විතර පස්සෙ උඩටම ආවා..
ඇවිත් දර ටිකක් හොයාගෙන කෑම්ප් දෙකත් ගහලා ගෙනාපු මඤ්ඤොක්කා පුච්චගෙනත් කාලා තම්බගෙනත් කාලා.. මදි හරියට රොටිත් තම්බං කාලා , ආයි සොසේජසුත් කාලා එලිවෙනකං කකා බිබි සිංදු කියන්න හිතං හිටියට.. හැමෝටම මහන්සියට කලින්ම නිදිමත හැදුනු නිසා සේරම නිදා ගත්තා..
උදේම නැගිටලා කෑම්ප් එකෙන් එලියට ආවම එ දකින දර්ශනය විස්තර කරන්න අමාරුයි.. පිදුරුතලාගල කදු පංතියට පහලින් මන්දාරම් නුවර ගමම පොඩිවට උදෙ පාංදර පහලින් පෙනෙද්දි ඒක වෙනමම ලෝකයක්... එ ලස්සනත් බලාගෙන උදේට කාලා ඔක්කොම අස් කරලා ගෙනිහිපු එක කුනු කෑල්ලක්වත් ඉතිරි නොකර ආයිත් අපි පල්ලං බැස්සා...❤️
අන්තිමට කොහෙ ගියත් නුවරඑළියත් යන්න ඔන ලෙඩක් අපිට තීන නිසා.. නුවරඑලියටත් ගිහින් එහෙත් ටිකක් ඇවිදලා කට්ටියම ගෙදර ආවා...
ආං එමයි මන්දාරම් නුවර ගමන ඉවරකරේ❤️
ගිහිං ආවට පස්සෙ හැමදාම දාන හෑල්ල කියවන උබලටත් ගෞරවයෙන් බුදු සරණයි... අපි දාන හෑලි කියව කියව ඉන්නෙ නැතිව උබලත් කොහෙ හරි පලයල්ලා😏😏😏😏