Fly With Me

Fly With Me ලංකාවේ සුන්දර ස්ථාන ගවේශණය �

මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි.මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්ත...
15/06/2023

මාදු ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියක් සහිත ගංගාවකි.

මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත්වයි. මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ග වන්නේ බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළයි.

ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ. දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ. ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ. මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ. මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය. එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.

මහ එළිය හෙවත් හෝර්ටන්තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැ...
15/06/2023

මහ එළිය හෙවත් හෝර්ටන්තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන ‍කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි.

1992 දී සිදුකරණ ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත.

Fly With Me 🍃

Address

365/2, Rokhil
Galagedara
20100

Website

Alerts

Be the first to know and let us send you an email when Fly With Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share