99 පාර දිගේ - Along the 99 Road

99 පාර දිගේ - Along the 99 Road ඔබ සතුව ඇති මාර්ග අංක 99ට අදාල ඡායාරූය සහ වීඩියෝ අපට යොමුකරන්න �.

24/11/2025

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල පොලිස් වසමේ ⁣කදිරේෂන් බෝක්කුව අසල ප්‍රදේශයේ නායයෑමක් සිදු වී තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනානමනයට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.

දැනට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටී

14/10/2025
සම්ප්‍රදායට අනුව..Legend 1835ගෙ අඩුව පුරවන්න 9308 බදුල්ලෙන් බළන්ගොඩ ට..😍NEW THARANGANI TRAVELS PVT LTD - Balangoda💙( × )...
26/07/2024

සම්ප්‍රදායට අනුව..Legend 1835ගෙ අඩුව පුරවන්න 9308 බදුල්ලෙන් බළන්ගොඩ ට..😍

NEW THARANGANI TRAVELS PVT LTD - Balangoda💙
( × ) බළන්ගොඩ [ 99 ] කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවා / අලුත් පාර.

බළන්ගොඩින් - පෙ.ව 7.10
කොළඹ ට - පෙ.ව 11.40

කොළඹින් - ප.ව 4.00
බළන්ගොඩ ට - ප.ව 9.00

Sasika Mihisara

බදුල්ල 99 කොළඹ බට සීට් 🥲
26/07/2024

බදුල්ල 99 කොළඹ බට සීට් 🥲

Anura Transways up NE 0371( x ) Badulla 99 Colombo ( s ) — at Bastian Mawatha Private Bus Terminal.
26/07/2024

Anura Transways
up NE 0371

( x ) Badulla 99 Colombo ( s ) — at Bastian Mawatha Private Bus Terminal.

___ Amalie Travels ගැන Amalie කියන කතාව ___මම අමාලි. අමාලි ට්‍රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි...
06/04/2024

___ Amalie Travels ගැන Amalie කියන කතාව ___

මම අමාලි. අමාලි ට්‍රැවල්ස් එකේ අමාලි. අපේ තාත්තට තමයි අමාලි බස් තිබුණේ. අමාලි එකේ සුදු අයියා කිව්වම ගොඩක් අය අපේ තාත්තව අඳුනනවා.පහුගිය මාස කිහිපයෙම “අමාලි ට්‍රැවල්ස්” ගැන පෝස්ට්, වීඩියෝස් කිහිපයක්ම ශෙයා වුන නිසා මමයි, මගේ නංගිලා දෙන්නයි, මල්ලී මේ ගැන වෙලාවක් හම්බුණගමන්ම ලියන්න හිතුවා. අමාලි ට්‍රැවල්ස් එක සැපයූ සේවාව තවමත් අගය කරන, අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ කියලා තාමත් හොයන අයට ස්තුති කරමින් අපි මෙහෙම පටන් ගන්නම්.

දෙදාහ දශකයේ මුල් භාගයේ බස් හැට ගණනක් මගින් මිනිස්සුන් දස දහස් ගණනකට සේවාව සැපයු, සිය ගණනකට රස්සාවල් දුන්, සාමාන්‍ය සේවා ගාස්තු යටතේ දුර සේවා පැවැත්වූ බස් ව්‍යාපාරයක් තමයි අමාලි ට්‍රැවල්ස් කියන්නේ. අපේ තාත්තා මුලින්ම බස් ව්‍යාපාරය පටන් ගන්නේ කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් දහයකින්. ඊට පස්සේ තමයි ඉතුරු බස් ටිකම අපි ගන්නේ. හැබැයි පෞද්ගලික ආයතනයක් විදිහට බස් සේවාව ස්ථාපිත කරන්න කලින් කොළඹ - බදුල්ල 99 රූට් එකේ එක බස් එකක් අපේ තාත්තාට මම පොඩි කාලේ ඉදලම තිබුණා.

අපේ සියලුම බස් වල
- ඉස්කෝලෙ ළමයින්ගෙන් ටිකට් ගත්තේ නෑ . පාසල් ළමුන් ප්‍රවාහනය කලේ සම්පුර්ණ නොමිලේ.
- භික්ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අනිකුත් සියලුම ආගමික පුජකවරුන් ප්‍රවාහණය කලේ නොමිලේ.
- ත්‍රිවිද හමුදාව ඇතුළු පොලිසියේ සියලු දෙනාට ඕනෑම ගමනාන්තයක් දක්වා ටිකට් දෙකක් නොමිලේ ලැබුණා.
- බදුල්ල රෝහලේ ලෙඩ්ඩු බලන වෙලාවට බදුල්ල නගරයේ සිට බදුල්ල රෝහල වෙත නොමිලේ ප්‍රවාහණ සේවාව සැපයුවා.
- මීට අමතරව සිදු කල අනෙකුත් සමාජ සත්කාර අපි මෙතන ලියන්න හිතුවේ නෑ.

මුලින්ම කොළඹ- බදුල්ල 99 රූට් එකට බස් දහයක් දාද්දි ඒ බස් රූට් එකේ ගොඩක්ම තිබුණේ A/C, අර්ධ සුකෝපභෝගී, අධි සුකෝපභෝගී බස් සේවාවන්. ඉතින් බදුල්ලේ ඉඳලා කොළඹට ටිකට් ගණන්. සාමාන්‍ය සේවා ගාස්තු යටතේ CTB බස් තිබුනත් ඒවා හරිම අතොලොස්සක් තමයි තිබුනේ. අමාලි බස් සේවාවෙන් කොළඹ- බදුල්ල 99 රූට් එකේ බස් වල අසාමාන්‍ය මිල ඒකාධිකාරය කැඩුවා කිව්වොත් හරි. අනික් බස් වලට වඩා අපේ බස්වල ටිකට් එකේ ගාන අඩුයි. බදුල්ලේ ඉඳන් කොළඹ යන්න අයකරේ රු.100/= යි. පැය භාගෙන් භාගේ වගේ මේ රූට් එකේ සාමාන්‍ය ගාස්තු යටතේ අපේ බස් ධාවනය කළා. මීට අමතර මුළු රට වටේම අපේ බස් වැඩකලා. අපි අලුතින්මත් රූට් කිහිපයක් ආරම්භත් කලා.
බදුල්ල - පානදුර
බදුල්ල - අලුත්ගම
බදුල්ල - ගාල්ල
බදුල්ල - මඩකලපුව
බදුල්ල - තාත්තන්කුඩිය
බදුල්ල - ත්‍රීකුනාමලේ
බදුල්ල - අනුරාධපුර
බදුල්ල - කටුනායක අපේ බස් වැඩ කල රූට් කිහිපයක්.

කාගේද අමාලි ට්‍රැවල්ස්? ගොඩක් අය හිතුවා මේ බස් හිටපු කතානායක වි ජ මු ලොකු බණ්ඩාරගේ කියලා. මම දැක්ක තව කව්ද ලියලා තියනවා මේ බස් නිමල් සිරිපාල ද සිල්වාගේ කියලා. තවත් අය ඇහුව මේ බස් ගත්තේ අපේ අම්මට කැන්සර් එකක් හැදිලා ඉද්දි තාත්ත අම්මව බලන්න යන ගමන් ගත්ත ටිකට් එකක් ඇදිලාද කියලා. මේ කතා ඔක්කොම බොරු. මේවා මේ කාගෙවත් බස් නෙවෙයි. බස් ව්‍යාපාරය ආරම්භ කරන්න කලින්, අපේ අම්මටයි තාත්තටයි තිබ්බ දේවල් පෙන්නලා මේ බස් ඔක්කොම අපි ලීසිං ක්‍රමයට තමා මිලදී ගත්තේ.

අමාලි ට්‍රැවල්ස් එකට මොකද උනේ? ගොඩක් අයට ප්‍රශ්ණයක්. අපි දැක්කා කට්ටිය විවිධාකාර හේතු ලියාලා තියනවා. ඇත්තම හේතු ටික මෙතන කෙටියෙන් ලියන්නම්. මුල්ම බස් දහය අරන් ඉතුරු බස් ටික ගත්තාගෙන් පස්සේ, කොළඹ - බදුල්ල 99 රූට් එකේ සියලුම බස්හිමියන් සහ බදුල්ල CTB ඩිපෝව අපේ බස් අවිධිමත් බලපත්‍ර යටතේ ධාවනය කරනවා කියලා අමාලි බස් ධාවනය නතර කරන තුරු අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. මේ කාල සීමාවේදී පළාත් සභා විසුරුවාහැර තිබුණ නිසා, එවකට සිටි බදුල්ල පළාත් ආණ්ඩුකාරවරයා මේ ප්‍රශ්ණය විසදන තුරු අපේ බස් සියල්ල තාවකාලිව නතරකරන්න නියෝග කළා. පළාත් සභාව යළි ආරම්භ කරණ තුරු මාස හයකට වැඩි කාලයක් බස් ධාවනය උනේ නෑ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් විධිමත් පරීක්ශණයකින් පස්සේ අපේ ධාවන බලපත්‍ර විධිමත් බවත්, නැවත බස් සියල්ල ධාවනයට අවසර ඇති බවටත් ඌව පළාත් සභාපති දැණුම් දුන්නා. බස් සියල්ලම මාස හයකටත් වැඩි කාලයක් එක තැන නවත්තලා තියෙද්දී කොහොමද අපි ලීසිං වාරික ගෙවන්නේ? බස් වල සේවකයන්ට පඩි? බස් එක තැන නවත්තලා තිබ්බගෙන් පස්සේ එන කාර්මික දෝෂ.. මේ ඔක්කොම එක්ක අපි නැවත බස් සේවාවන් ආරම්භ කළා. නමුත් ඒ ආරම්භ ලේසි වුණේ නෑ. එවකට සිටි බදුල්ල පළාත් ප්‍රවාහන සභාපතිගෙන් අපිට නොයෙකුත් හිරිහැර වුණා. අපේ බස් වල කාලසටහන් සෑම එකකටම පෙර වෙනත් බස් රථ ධාවනය කිරීමට බලපත්‍ර දුන්නා. ඔහුගේ බල ප්‍රදේශය නිසා, බදුල්ල ස්ටෑන්ඩ් එකේ මගීන් පටවාගත් බස් වලින් මගීන් බැස්සවා බස් ධාවනය අවහිර කළා. මේවට ක්‍රියාමාර්ග ගැනීමට කොළඹ හයි කෝට් වල පවා නඩු දන්නා වුණා. මේ සියල්ල විසදගෙන මාස දෙකක් යද්දී ලීසිං කොම්පැනි වලින් සහ බැංකු වලින් බස් සීස් කරන්න පටන් ගත්තා. මොකද බස් ගොඩක ෆිනෑන්ස් ඇරියස්. අන්තිමට අනික් වත්කම් විතරක් නෙවෙයි, අපි පොඩිකාලේ ඉඳලා හිටිය ගෙදර පවා බැංකුවකින් වෙන්දේසි දැම්මා. මට තාම මතකයි පලවෙනි බස් එක ලීසිං කොම්පැණියකින් අරන් යද්දී තාත්තා කිවුවා, මගේ දරුවෙක් අරන් ගියා වගේ කියලා. පහුගිය ටිකේ video එකක තිබ්බ බස් වත් අනික් එක බස් එකක්වත් අපිට අයිති නෑ. බස් හැම එකක්ම ලීසිං කොම්පැනි වලින් වෙන්දේසි දැම්මා.නොයෙකුත් කතා පැතිරෙද්දී, අමාලි කම්පනිය වැටෙන්න වුන ඇත්ත හේතු තමා මේ.

අපේ තාත්තා අපි දැන් මොකද කරන්නේ? ගොඩක් අය මේ ප්‍රශ්නය අහලා තිබ්බා. අම්මයි, තාත්තියි මේ හැම ප්‍රශ්න ඇතුලෙම අපිට හොදට ඉගැන්නුවා. ඒ ලැබුණ පන්නරයෙන් අපි තාමත් රට රටවල් වල ගිහින් උසස් අධ්‍යාපනය හදාරනවා. අපිව නිසි වයස් වලදී අපේ යුතුකම් සේරම පුළුවන් උපරිම කළා. දැන් ඒ දෙන්නා බණ්ඩාරවෙල සුළු පරිමාණයෙන් මල් ව්‍යාපාරයක් කරන්, ආච්චි, සීයයි කෙනෙක් වෙලා විශ්‍රම සුවයෙන් සැතුටින් කල් ගෙවනවා. ජිවිතේ කියන්නේ ඇතිවීම් වගේම නැතිවීම් වල එකතුවක්. ඒ යථාර්තයට මුහුණදෙමින්, ආපස්ස හැරී බලද්දී රටට, සමාජයට කර ඇති සේවාවට සතුටු වෙමින් අපි අපේ ජීවිත සතුටින් සැනසීමෙන් ගෙවනවා.

අමාලි බස් සේවාවට ආදරය කළ, තවමත් ඒ ගැන හොයන සියලු දෙනාටම ස්තුතියි!

© 2024 Amali Dahara de Silva
Post එක සහ Photos උපුටා ගැනීම A Dahara de Silva ගේ Fb Profile එකෙන්.හිමිකම ඇය සතුයි ✌️

බදුල්ල කොළඹ 99 මාර්ගයේ පඹහින්න ප්‍රදේශයේදී බදුල්ල සිට ඇල්පිටිය දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයක ඉදිරිපස එක් රෝදයක ලයිනරයක්...
25/03/2024

බදුල්ල කොළඹ 99 මාර්ගයේ පඹහින්න ප්‍රදේශයේදී බදුල්ල සිට ඇල්පිටිය දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයක ඉදිරිපස එක් රෝදයක ලයිනරයක් හිරවීයෑමෙන් අද(25) උදෑසන සිදුවූ අනතුර.

ජායාරූප ස්තුතිය - කලන වොහාර

18/12/2023

ආපදා කලමනාකරන කමිටුව විසින් බදුල්ල - කොළඹ බස් රථ අද දින සිට උඩුවර හරහා ධාවනයට අවසර ලබා දී ඇත . 2023.12.18

හෙට 11සිට  99 කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවරින් බර වාහන සඳහා වැසේ.. දුර ගමන් සේවා බස් රථවලද මෙය අදාලයි.ඒ අනුව ව...
10/12/2023

හෙට 11සිට 99 කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවරින් බර වාහන සඳහා වැසේ.. දුර ගමන් සේවා බස් රථවලද මෙය අදාලයි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කලහැකි අතර (03km ක ප්‍රමාණයක් අමතරව ධාවනය කිරීමට ඇත

📸 UVA HADA

99 පාර දිගේ 💙
28/11/2023

99 පාර දිගේ 💙

2023.11.21 දින බෙලිහුල්ඔය ප්‍රදේශයේ සිදුවූ නායයාම නිසා Harshani Motors - up ND 4489 බස් රථය බදුල්ල,බෙරගල, වැල්ලවාය, තණමල...
22/11/2023

2023.11.21 දින බෙලිහුල්ඔය ප්‍රදේශයේ සිදුවූ නායයාම නිසා Harshani Motors - up ND 4489 බස් රථය බදුල්ල,බෙරගල, වැල්ලවාය, තණමල්විල, උඩවලව, පැල්මඩුල්ල, රත්නපුර, අවිස්සාවේල්ල හරහා තවදුරටත් දාවනය වේ.

විමසීම් - 074 235 0888

Address

Diyatalawa

Website

Alerts

Be the first to know and let us send you an email when 99 පාර දිගේ - Along the 99 Road posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share