Janitha Ruwan Kodithuwakku

Janitha Ruwan Kodithuwakku Deputy Minister of Ports & Civil Aviation
(1)

සිය අසමසම හඬින් සහ අරුත්බර ගී නිර්මාණයෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ආචාර්ය නන්දා මාලනී මහත්මියග...
20/08/2026

සිය අසමසම හඬින් සහ අරුත්බර ගී නිර්මාණයෙන් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ නික්ම යාම වෙනුවෙන් අපගේ බලවත් ශෝකය පළ කරමු.

ශ්‍රී ලාංකේය සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ ඇයගේ හඬත්, ගී නිර්මාණත් සදා අපගේ මතකයේ රැඳී පවතිනු ඇත.

මාධ්‍ය අංශය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

20/08/2026

Aviation Education Hub! 🇱🇰

20/08/2026

ශ්‍රී ලංකා–වියට්නාම සෘජු ගුවන්ගමන් ඇරඹේ...

20/08/2026

මත්තල! ✈️💚
ආයෝජන ආකර්ෂණය දිනාගනිමින්, සංවර්ධනයේ නව මාවතකට…

ශ්‍රී ලංකා–වියට්නාම සෘජු ගුවන්ගමන් ඇරඹේ...ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් ක...
19/08/2026

ශ්‍රී ලංකා–වියට්නාම සෘජු ගුවන්ගමන් ඇරඹේ...

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වියට්නාමයේ Vietjet ගුවන් සේවයේ පළමු සෘජු ගුවන් ගමන 18.08.2026 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

එය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සෘජු ගුවන් සම්බන්ධතාවක් ස්ථාපිත වූ වැදගත් අවස්ථාවක් වන අතර, දෙරට අතර සංචාරක, වෙළෙඳ, ආයෝජන සහ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව අවස්ථා රැසක් විවර කරයි.

මෙම සුවිශේෂී අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ වියට්නාම තානාපති තුමිය ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

2025 මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වියට්නාම නිල සංචාරයෙන් අනතුරුව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් විය.

මෙම නව ගුවන් සම්බන්ධතාව මගින් වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් ඉහළ නැංවීමට මෙන්ම කලාපීය වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

Vietjet ගුවන් සේවය මගින් සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල කොළඹ සහ Ho Chi Minh නගර අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.

මෙය තවත් ගුවන් ගමනක් පමණක් නොවේ… ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සංචාරක, වෙළෙඳ, ආයෝජන සහ සබඳතා සඳහා නව දොරටුවක් විවර කරන සුවිශේෂී පියවරකි.

මාධ්‍ය අංශය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්‍රයට නව මානයක් – මඟී ඩ්‍රෝන යානා සේවාවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳ අවධානය...ශ්‍රී ලංකාවේ ග...
18/08/2026

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්‍රයට නව මානයක් – මඟී ඩ්‍රෝන යානා සේවාවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳ අවධානය...

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ක්ෂේත්‍රය ලෝකයේ නවීන ප්‍රවණතා සමඟ එක් කරමින්, තාක්ෂණයෙන් සහ නවෝත්පාදනයෙන් ඉදිරියට ගෙන යාම වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණකි.

ඒ අනුව, දේශීය ගුවන්ගමන් සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් මඟී ඩ්‍රෝන යානා (eVTOL) සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා,සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා ඇතුලු නිලධාරීන් මෙන්ම චීනයේ EHang සමාගමේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන eVTOL යානා සිරස්ව ගුවන්ගත වීමටත්, සිරස්ව ගොඩබැසීමටත් හැකි අතර, මඟීන් දෙදෙනෙකු සඳහා නිර්මාණය කර ඇති මෙම නව තාක්ෂණය AI සහ ස්වයංක්‍රීය පාලන පද්ධති මත පදනම් වේ. සාම්ප්‍රදායික ගුවන් තොටුපළ යටිතල පහසුකම්වලට වඩා අවම ඉඩකඩකින් මෙහෙයුම් සිදුකළ හැකි වීම ද මෙහි විශේෂත්වයකි. වරාය නගරය ආශ්‍රිතව ආදර්ශ මෙහෙයුම් කලාපයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.

එමෙන්ම, සංචාරක කර්මාන්තයට පමණක් සීමා නොවී හදිසි ආපදා සේවා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ විශේෂ අවශ්‍යතා සඳහා ද මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

කෙසේ වෙතත්, මෙවැනි සේවාවක් ශ්‍රී ලංකාව තුළ වාණිජ වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ගුවන් ආරක්ෂාව, නියාමන රාමුව, ගුවන් මාර්ග පාලනය, හදිසි මෙහෙයුම්, සයිබර් හා දත්ත ආරක්ෂාව, සන්නිවේදන පද්ධති, ගොඩබැස්සවීම් ස්ථාන සහ මඟී ආරක්ෂාව ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ විධිමත් අනුමැතිය ලබාගැනීම පිලිබදවද අවධානය යොමුවිය.

අනාගතයේ ගුවන්සේවා ක්ෂේත්‍රය වෙනස් කරන නව තාක්ෂණයන් අද සිටම හඳුනාගෙන, ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංචාරක කර්මාන්තය සහ ජනතාවගේ අවශ්‍යතා සඳහා ඵලදායී ලෙස යොදාගැනීමට අපි කැපවී සිටිමු.

මාධ්‍ය අංශය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

18/08/2026

Drone taxi ශ්‍රී ලංකාවට?

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට MSC සමාගම ඇතුලු ස්විස්ටර්ලන්ත ආයෝජකයන්ගේ අවධානය...ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර පවතින ද්...
17/08/2026

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට MSC සමාගම ඇතුලු ස්විස්ටර්ලන්ත ආයෝජකයන්ගේ අවධානය...

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත රජයේ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්(Mr. Olivier Praz) මහතා සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර පැවති මෙම සාකච්ඡාවට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ද සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සංවර්ධන අවස්ථා පිළිබඳව අදහස් හුවමාරු වූ අතර, ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සංවර්ධන හා ආයෝජන කටයුතු සඳහා ස්විට්සර්ලන්ත සමාගම්වල පවතින උනන්දුව පිළිබඳව නියෝජ්‍ය තානාපතිවරයා කරුණු ඉදිරිපත් කළේය.

විශේෂයෙන්ම ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නාවික සමාගමක් වන MSC සමාගම ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම කොළඹ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ස්විට්සර්ලන්ත පාර්ශ්වයේ උනන්දුව සහ සහයෝගය ඉදිරියටත් ලබා දීමට ඇති කැමැත්ත මෙහිදී ප්‍රකාශ වූ අතර, දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයට ඵලදායී ආයෝජන හා සංවර්ධන අවස්ථා උදාකර ගැනීමට මෙම හමුව වැදගත් අවස්ථාවක් විය.

මාධ්‍ය අංශය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

ශ්‍රී ලංකා–කුවේට් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය...ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික ...
17/08/2026

ශ්‍රී ලංකා–කුවේට් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය...

ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව පුළුල් කිරීම සහ වරාය හා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා නව අවස්ථා හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති සාලෙහ් මුබාරක් අල්-සරාවි(mr.Saleh Mubarak Al Sarawi) මහතා සහ වරාය,සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර පැවති මෙම සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී විය.

නව රජයේ විදේශ සබඳතා ප්‍රතිපත්තියට අනුව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම උපයෝගී කරගනිමින් වරාය ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන්ම බලශක්ති හා කාර්මික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා වෙත කුවේට් ආයෝජකයන්ගේ අවධානය යොමු කිරීම සහ දෙරටේ වාණිජ මණ්ඩල අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

ශ්‍රී ලංකා–කුවේට් දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර ආර්ථික, වෙළෙඳ හා සංවර්ධන සහයෝගීතාව සඳහා නව අවස්ථා විවර කර ගැනීමට මෙම හමුව වැදගත් පියවරක් විය.

මාධ්‍ය අංශය
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

17/08/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Janitha Ruwan Kodithuwakku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category