Ceylon Journalist

Ceylon Journalist "News Highlights and Updates for those who read"

𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 𝘪𝘴 𝘧𝘢𝘤𝘪𝘯𝘨 𝘢 𝘥𝘪𝘧𝘧𝘪𝘤𝘶𝘭𝘵 𝘵𝘪𝘮𝘦 𝘰𝘯𝘤𝘦 𝘢𝘨𝘢𝘪𝘯, 𝘢𝘯𝘥 𝘮𝘢𝘯𝘺 𝘭𝘪𝘷𝘦𝘴 𝘩𝘢𝘷𝘦 𝘣𝘦𝘦𝘯 𝘴𝘩𝘢𝘬𝘦𝘯.𝘉𝘶𝘵 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩 𝘦𝘷𝘦𝘳𝘺 𝘤𝘩𝘢𝘭𝘭𝘦𝘯𝘨𝘦 𝘪𝘯 𝘰𝘶𝘳 𝘩𝘪𝘴𝘵...
29/11/2025

𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢 𝘪𝘴 𝘧𝘢𝘤𝘪𝘯𝘨 𝘢 𝘥𝘪𝘧𝘧𝘪𝘤𝘶𝘭𝘵 𝘵𝘪𝘮𝘦 𝘰𝘯𝘤𝘦 𝘢𝘨𝘢𝘪𝘯, 𝘢𝘯𝘥 𝘮𝘢𝘯𝘺 𝘭𝘪𝘷𝘦𝘴 𝘩𝘢𝘷𝘦 𝘣𝘦𝘦𝘯 𝘴𝘩𝘢𝘬𝘦𝘯.

𝘉𝘶𝘵 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩 𝘦𝘷𝘦𝘳𝘺 𝘤𝘩𝘢𝘭𝘭𝘦𝘯𝘨𝘦 𝘪𝘯 𝘰𝘶𝘳 𝘩𝘪𝘴𝘵𝘰𝘳𝘺, 𝘰𝘯𝘦 𝘵𝘩𝘪𝘯𝘨 𝘩𝘢𝘴 𝘢𝘭𝘸𝘢𝘺𝘴 𝘳𝘦𝘮𝘢𝘪𝘯𝘦𝘥 𝘵𝘩𝘦 𝘴𝘢𝘮𝘦 — 𝘰𝘶𝘳 𝘴𝘵𝘳𝘦𝘯𝘨𝘵𝘩 𝘢𝘴 𝘢 𝘯𝘢𝘵𝘪𝘰𝘯.

𝘓𝘦𝘵’𝘴 𝘴𝘵𝘢𝘺 𝘤𝘢𝘭𝘮, 𝘴𝘶𝘱𝘱𝘰𝘳𝘵 𝘰𝘯𝘦 𝘢𝘯𝘰𝘵𝘩𝘦𝘳, 𝘢𝘯𝘥 𝘬𝘦𝘦𝘱 𝘧𝘢𝘪𝘵𝘩 𝘪𝘯 𝘵𝘩𝘦 𝘣𝘳𝘪𝘨𝘩𝘵𝘦𝘳 𝘥𝘢𝘺𝘴 𝘵𝘩𝘢𝘵 𝘸𝘪𝘭𝘭 𝘴𝘶𝘳𝘦𝘭𝘺 𝘤𝘰𝘮𝘦.
𝘔𝘢𝘺 𝘦𝘷𝘦𝘳𝘺𝘰𝘯𝘦 𝘴𝘵𝘢𝘺 𝘴𝘢𝘧𝘦, 𝘢𝘯𝘥 𝘮𝘢𝘺 𝘰𝘶𝘳 𝘤𝘰𝘶𝘯𝘵𝘳𝘺 𝘧𝘪𝘯𝘥 𝘵𝘩𝘦 𝘤𝘰𝘶𝘳𝘢𝘨𝘦, 𝘶𝘯𝘪𝘵𝘺, 𝘢𝘯𝘥 𝘳𝘦𝘴𝘪𝘭𝘪𝘦𝘯𝘤𝘦 𝘯𝘦𝘦𝘥𝘦𝘥 𝘵𝘰 𝘳𝘪𝘴𝘦 𝘧𝘳𝘰𝘮 𝘵𝘩𝘪𝘴 𝘴𝘪𝘵𝘶𝘢𝘵𝘪𝘰𝘯.

𝘛𝘰𝘨𝘦𝘵𝘩𝘦𝘳, 𝘸𝘦 𝘸𝘪𝘭𝘭 𝘰𝘷𝘦𝘳𝘤𝘰𝘮𝘦 𝘵𝘩𝘪𝘴 𝘵𝘰𝘰....🇱🇰

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටු...
29/09/2023

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ පොහොය දිනයක් ලෙසයි බිනර පුර පසළොස්වක පොහොය දිනය සැලකෙන්නේ.

මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම සහ උන්වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බව සඳහන්ය.

21/07/2022

කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරය...
14/05/2022

කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් ප්‍රසන්න රණතුංග මහත නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙසත් කාංචන විජේසේකර මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ඇතිව රටේ ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්ෂේත්‍ර ස්ථාවර කිරීමට නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අත්ව...
14/05/2022

ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ඇතිව රටේ ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්ෂේත්‍ර ස්ථාවර කිරීමට නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අත්වැල් බැඳගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

13/05/2022
13/05/2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන, ඇමරිකා එක්සත් ජනපද, චීන සහ ඉන්දීය මහ කොමසාරිස්වරුන් හමු වී ශ්‍රී ලංකාවට මූල්‍ය...
13/05/2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන, ඇමරිකා එක්සත් ජනපද, චීන සහ ඉන්දීය මහ කොමසාරිස්වරුන් හමු වී ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදීම සඳහා ජාත්‍යන්තර සංසදයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර වාර්තා කිරීම සඳහා තමන් හෙට ජපානය බලා පිටත්ව යන බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර ඇතැයි අගමැති මාධ්‍ය ඒකකය සදහන් කරනවා.

                     ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොත...
12/05/2022



ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

රට අර්බුදකාරී වාතාවරණයක පවතින මොහොතක මෙලෙස අගමැති ධුරයට පත්වන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්ව පසුව එක්සත් ජාතික පක්ෂයට හිමි වූ තනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා යි.

ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2015 දක්වා (දින 100), 2015 සිට 2018 දක්වා සහ 2018 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන අතර 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට 73 වැනි වියෙහි පසුවෙයි.

                   එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12) සවස 6.30ට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමි...
12/05/2022



එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12) සවස 6.30ට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Journalist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Journalist:

Share