Indika Motors බිබිල-කොළඔ

  • Home
  • Indika Motors බිබිල-කොළඔ

Indika Motors බිබිල-කොළඔ බිබිල කොළඹ මගී බස් රථ ප්�රවාහන සේවය
•• (AC) බිබිල [38] කොළඹ AC
සුඛෝපභෝගී

22/09/2026
14/08/2026

🔴 බස් නැවතුම්පළ අවහිර වන ලෙස
වාහන නතර කරන
රියැදුරන්ට එරෙහිව දැඩි නීති

පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.

බස් නැවතුම්පළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නැවැත්වීමට සිදුවීමෙන් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිතවලට ද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බව පොලීසිය පවසයි. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කළ හැකි නව බස් රථ සේවාවක් ද හඳුන්වා දී ඇති බැවින්, බස් නැවතුම්පළවල් කිසිදු අවහිරතාවකින් තොරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මෙම ගැටළුවට විසඳුම් ලෙස රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව සාමාන්‍ය බස් නැවතුම්පළකට ළඟා වීමට මීටර් 30ක් ඇතුළත සහ පිටවන මීටර් 15ක් ඇතුළත වාහන නවතා තැබීම තහනම් කර ඇත. තවද, බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම්පළක ළඟාවෙන දෙසින් මීටර් 15ක් සහ පිටවීමේ දෙසින් මීටර් 10ක් ඇතුළත අනෙකුත් වාහන නතර කිරීම තහනම් වේ. මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම නීති කඩ කරන රියැදුරන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.

12/08/2026

🔴 ලොතරැයි අංක පදනම් කරගත්
නීතිවිරෝධී සූදු ජාවාරමකින්
සමාජයට බරපතළ ව්‍යසනයක්
කෝප් අනුකමිටුවෙන් හෙළිදරව්වක්

ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩලවල දිනුම් ඇදීමේ අංක පදනම් කරගනිමින් පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධී සූදු ක්‍රීඩාවක් හේතුවෙන් සමාජය තුළ බරපතළ ව්‍යසනයක් නිර්මාණය වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ. කෝප් (COPE) අනුකමිටුව හමුවට ලොතරැයි මණ්ඩල දෙකෙහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී ඔහු මෙම අනාවරණය සිදු කළේය.

මෙම අතිශය විනාශකාරී තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිතයට පමණක් දෙවැනි වන තරමේ බරපතළ එකක් බව පෙන්වා දී ඇති සභාපතිවරයා, වසර 4-5කට පෙර ගම්වල රුපියල් 100 වැනි මුදලකට ආරම්භ වූ 'කොටු කැපීමේ' සූදුව මෙලෙස මහා පරිමාණ ජාවාරමක් දක්වා ව්‍යාප්ත වී ඇති බව පැවසීය. ආදායම් අධික ප්‍රදේශවල එක කොටුවක් සඳහා තබන ඔට්ටු මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති අතර, 0 සිට 9 දක්වා වූ සංඛ්‍යා රටාවලින් අංක 2ක් තෝරාගෙන, එදින නිකුත් වන ලොතරැයියේ අවසාන අංක දෙක සඳහා මෙහිදී ඔට්ටු අල්ලනු ලබයි.

ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩල විසින් දිනුම් ඇදීම් සිදු කරන්නේ රාත්‍රී 7.30ට පමණ වුවද, මසකට අවශ්‍ය සියලු දිනුම් ඇදීම් එකවර සිදු කර දිනපතා නිකුත් කරන බවට ව්‍යාජ තොරතුරු ජනතාව අතර පතුරා, WhatsApp සමූහ හරහා සංවිධානාත්මකව මෙම මුදල් වංචා සිදු කරන බවද හෙළිව තිබේ. මනම්පිටිය සහ රත්නපුර වැනි ප්‍රදේශවල මෙම සූදුව ඉතා බරපතළ ලෙස ව්‍යාප්ත වී ඇති අතර, සැමියන් මෙම සූදුවට ඇබ්බැහි වීම නිසා පීඩාවට පත් කාන්තාවන්ගෙන් නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බවත්, බොහෝ පිරිසකට තම දේපොළ අහිමි වී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Address

Indika Motors
Bibila
91500

Website

Alerts

Be the first to know and let us send you an email when Indika Motors බිබිල-කොළඔ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share